ඔක්තෝම්බර් මාසයේ මුල් සතියෙන් මහ කන්නය සඳහා පොහොර ලබාදීම ආරම්භ කිරිමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදෙන යූරියා පොහොරද නොවැම්බර් මාසයේ මුල් සතිය තුළදී ගොවීන්ට ලබාදීමේ හැකියාව පවතින බවයි.













