මහේස්ත්‍රාත් තිලිණ ගමගේගේ වැඩ තහනම්

මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දින 21තුළ කරුණු දක්වන ලෙස තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව ලිඛිතව දැනුම් දී තිබෙනවා.

අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව මෙම විමර්ශන සිදු කරන අතර, පසුගිය ජුනි මාසයේ දී එම කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
4
+1
39
+1
4
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?