මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ රාජ්‍යයේ දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට නියමිතයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේ හිදී කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර 13 වැනිදා පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගයට පෙර මහේල ජයවර්ධන කණ්ඩායම සමග එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සිටින්නේ අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ B කාණ්ඩයේ යි.

A කාණ්ඩයේ කණ්ඩායම් අතර නේපාලය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ රාජ්‍ය වනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය 19 සඳුදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

සුදුසුකම් ලැබීමේ සංචිතයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට තිබුණ ද මෙම සංචිතයට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34