මහේලගේ Dream T20 කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් පස්දෙනා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන Dream T20 කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් පස්දෙනා නම්කර තිබෙනවා.

මීට අමතරව එම කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට විශ්‍රාම ගිය ක්‍රීඩකයෙකු නම් කිරීමේ අවස්ථාව ද මහේලට හිමිව ඇති අතර ඒ සඳහා ද මහේල විසින් ක්‍රීඩකයෙකු නම්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ICC සදාතනික ක්‍රීඩකයෙකු ලෙස සම්මානයට පාත්‍ර වූ මහේල ජයවර්ධන විසින් Dream T20 කණ්ඩායම වෙනුවෙන් නම් කළ පළමු ක්‍රීඩකයින් පස්දෙනා වන්නේ ඇෆ්ගනිස්ථාන දඟ පන්දුයවන ක්‍රීඩක රෂිඩ් ඛාන්, පාකිස්ථාන වේග පන්දුයවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි, ඉන්දීය වේග පන්දුයවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, එංගලන්ත පිතිකරු ජෝෂ් බට්ලර් සහ පාකිස්ථාන පිතිකරු මොහොමඩ් රස්වාන් යන ක්‍රීඩකයින්.

මෙම ක්‍රීඩකයින් පස්දෙනාට අමතරව එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම්කර ඇති විශ්‍රාම ගිය ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වීම විශේෂත්වයක්.

“ජෝස් බට්ලර් සමඟ පිතිකරණය ආරම්භ කිරීමට මම ක්‍රිස් ගේල් ගන්නවා. එය විශිෂ්ට සංයෝජනයක් වනු ඇති, 2007 දී දකුණු අප්‍රිකාවේ පැවති එම පළමු T20 ලෝක කුසලානයේදී ඔහුගේ උච්චතම ස්ථානයේ සිටි අතර දකුණු අප්‍රිකාවට එරෙහිව එම මංගල ශතකය විශේෂ දෙයක් වුණා. ක්‍රිස්ට ක්‍රීඩාවක් වෙනස් කළ හැකි නිසා මම ක්‍රිස්ව ඉහළින්ම ගන්නවා.” යනුවෙන් මහේල පවසා සිටියා.

මහේල ජයවර්ධන මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මහේල විසින් Dream T20 කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයින් පස් දෙනාගෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්ම මේ වනවිට අයි.පී.එල්. පිටියේ සුපිරි දක්ෂතා දක්වන ක්‍රීඩකයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?