මහේලගේ Dream T20 කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් පස්දෙනා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන Dream T20 කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් පස්දෙනා නම්කර තිබෙනවා.

මීට අමතරව එම කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට විශ්‍රාම ගිය ක්‍රීඩකයෙකු නම් කිරීමේ අවස්ථාව ද මහේලට හිමිව ඇති අතර ඒ සඳහා ද මහේල විසින් ක්‍රීඩකයෙකු නම්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ICC සදාතනික ක්‍රීඩකයෙකු ලෙස සම්මානයට පාත්‍ර වූ මහේල ජයවර්ධන විසින් Dream T20 කණ්ඩායම වෙනුවෙන් නම් කළ පළමු ක්‍රීඩකයින් පස්දෙනා වන්නේ ඇෆ්ගනිස්ථාන දඟ පන්දුයවන ක්‍රීඩක රෂිඩ් ඛාන්, පාකිස්ථාන වේග පන්දුයවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි, ඉන්දීය වේග පන්දුයවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, එංගලන්ත පිතිකරු ජෝෂ් බට්ලර් සහ පාකිස්ථාන පිතිකරු මොහොමඩ් රස්වාන් යන ක්‍රීඩකයින්.

මෙම ක්‍රීඩකයින් පස්දෙනාට අමතරව එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම්කර ඇති විශ්‍රාම ගිය ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වීම විශේෂත්වයක්.

“ජෝස් බට්ලර් සමඟ පිතිකරණය ආරම්භ කිරීමට මම ක්‍රිස් ගේල් ගන්නවා. එය විශිෂ්ට සංයෝජනයක් වනු ඇති, 2007 දී දකුණු අප්‍රිකාවේ පැවති එම පළමු T20 ලෝක කුසලානයේදී ඔහුගේ උච්චතම ස්ථානයේ සිටි අතර දකුණු අප්‍රිකාවට එරෙහිව එම මංගල ශතකය විශේෂ දෙයක් වුණා. ක්‍රිස්ට ක්‍රීඩාවක් වෙනස් කළ හැකි නිසා මම ක්‍රිස්ව ඉහළින්ම ගන්නවා.” යනුවෙන් මහේල පවසා සිටියා.

මහේල ජයවර්ධන මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මහේල විසින් Dream T20 කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයින් පස් දෙනාගෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්ම මේ වනවිට අයි.පී.එල්. පිටියේ සුපිරි දක්ෂතා දක්වන ක්‍රීඩකයින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28