මහියංගණ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුව පැය 24ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

ඊයේ (15) පස්වරුවේ මහියංගණය – දොඩම්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුව ව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම සැකකරුව මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දිසා විනිසුරු ආර්. සංජීව ජිනදාස මහතා හමුවට අද (16) දහවල් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු බවයි.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට තුවාල සිදු වූ අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

දෙපාර්ශ්වයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?