AFC Banner
AFC Banner
Empty Ad

මහින්ද සහ බැසිල්ගේ රට ගමන් තහනම තවත් දිගුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය අද (01) තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 04 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශ්ව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු කිහිපදෙනෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දීයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?