මහින්දානන්ද ඇතුළු පිරිසකගේ නඩුවක් නීතිපති උපදෙස් සඳහා කැඳවීමට දින නියම කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත්, හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයවලුන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 29 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (23) නියෝග කළා.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අය විවෘත අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?