AFC Banner
Empty Ad
Empty Ad

මහා සාගරය මැද නෞකාවක් දෙකට කැඩෙයි

ක්‍රිම්සන් පොලාරිස් නම් ටොන් 39,910ක බරකින් යුතු දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මහා සාගරය මැද දෙකඩ වී ගොස් තිබෙනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ඒ අවස්ථාවේ නෞකාවේ සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනාව ජීවිත හානියකින් තොරව බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නෞකාවේ දැව කැපීමෙන් පසුව ඉතිරි වන ලී කැබලි රැගෙන යමින් තිබූ බවටයි සඳහන් වන්නේ.

ජපානයට ඊසාන දිග වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර නෞකාවෙන් කාන්දු වන තෙල් පාලනය කිරීමට ජපානය විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් වාර්තා වෙනවා.

මෙලෙස කාන්දු වෙන තෙල් ජපාන වෙරළ තීරය වෙත පැමිණෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

නෞකාව සතුව බොරතෙල් මෙට්‍රික් ටොන් 1,550 ක් සහ ඩීසල් තෙල් මෙට්රික් ටොන් 130 ක් තිබී ඇති අතර ඉන් සාගරයට එක්වී වෙරළ දෙසට ආ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් හෙළිවී නැහැ.

එම්අයි-ඩීඒඑස් ලයින් සමාගමට අයත් පැනමා ධජය යටතේ ගමන් කළ මෙම නැව ඊයේ (12) දිනයේ ජපන් සවස 4.15ට පමණ මෙලෙස දෙකඩ වී ගොස් තිබෙනවා.

නෞකාව අනතුරට පත්වූ හේතුව පිළිබඳව බලධාරීන් විසින් පරික්ෂණ පවත්වමින් සිටියි.

දෙකඩ වූ නෞකාවේ ඡායාරූප පහතින්,

279610 1 1
crimson polaris
poster
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?