මහා සාගරය මැද නෞකාවක් දෙකට කැඩෙයි

ක්‍රිම්සන් පොලාරිස් නම් ටොන් 39,910ක බරකින් යුතු දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මහා සාගරය මැද දෙකඩ වී ගොස් තිබෙනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ඒ අවස්ථාවේ නෞකාවේ සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනාව ජීවිත හානියකින් තොරව බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නෞකාවේ දැව කැපීමෙන් පසුව ඉතිරි වන ලී කැබලි රැගෙන යමින් තිබූ බවටයි සඳහන් වන්නේ.

ජපානයට ඊසාන දිග වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර නෞකාවෙන් කාන්දු වන තෙල් පාලනය කිරීමට ජපානය විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් වාර්තා වෙනවා.

මෙලෙස කාන්දු වෙන තෙල් ජපාන වෙරළ තීරය වෙත පැමිණෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

නෞකාව සතුව බොරතෙල් මෙට්‍රික් ටොන් 1,550 ක් සහ ඩීසල් තෙල් මෙට්රික් ටොන් 130 ක් තිබී ඇති අතර ඉන් සාගරයට එක්වී වෙරළ දෙසට ආ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් හෙළිවී නැහැ.

එම්අයි-ඩීඒඑස් ලයින් සමාගමට අයත් පැනමා ධජය යටතේ ගමන් කළ මෙම නැව ඊයේ (12) දිනයේ ජපන් සවස 4.15ට පමණ මෙලෙස දෙකඩ වී ගොස් තිබෙනවා.

නෞකාව අනතුරට පත්වූ හේතුව පිළිබඳව බලධාරීන් විසින් පරික්ෂණ පවත්වමින් සිටියි.

දෙකඩ වූ නෞකාවේ ඡායාරූප පහතින්,

279610 1 1
crimson polaris
poster
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09