මහා සංඝරත්නය ඇතුළු ආගමික සංස්ථාවල වගකීම මතක් කළ ජනපති (වීඩියෝ)

විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේ දී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුව ද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බව ද ප්‍රකාශ කළා.

බෞද්ධ කතිකාවත පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විට මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිවල සංශෝධන කෙටුම්පත් කර අවසන් බවත් පැවසූ ජනාධිපතිවරයා එය ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව වෙත පැවරීමට කටයුතු කරන බව ද පැවසුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයට අද (10) පස්වරුවේ එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?