මහා පරිමාණයෙන් හොර ලේඛන හදපු කෙනෙක් අල්ලයි

කාත්තන්කුඩි පොලිස් වසමේ නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක් තුල ඉතා සූක්ෂමව හොර රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛණගාරයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි ඊයේ (05) දින කාත්තන්කුඩි පොලිස් වසමේ 243/106 දරිසනමි පාර, නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේදීයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

එහි දී තම නිවස තුල ව්‍යාජ ලේඛණ සකස්කර ලග තබාගෙන සිටි නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු ඒ සදහා යොදා ගන්නා ලද භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කාත්තන්කුඩි පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ මෙසේයි :-

1) හිස් ඉඩමි ඔප්පු 205 යි.
2) හිස් ත්‍යාග ඔප්පු 58 යි.
3) හිස් ඉඩමි පැවරුමි 63 යි.
4) හිස් ඉඩමි බලපත්‍ර 300 යි.
5) විවිධ නිලධාරින්ගේ ආදර්ශ අත්සන් සහිත පත්‍රිකා 30 යි.
6) විවිධ පුද්ගලයින් 12 දෙනෙකුගේ ජාතික හැදුනුමිපත් වල ජායා පිටපත් 12 යි.
7) පුද්ගලයින් තිදෙනෙකුගේ රියදුරු බලපත්‍ර ජායා පිටපත් 03 යි.
8) ව්‍යාජ ඔප්පු සකස් කිරිම සදහා යොදා ගන්නා ලද ලිපි ගොණු 135 යි.
9) ව්‍යාජ ‍ලෙස සකස්කරන ලද රබර් මුද්‍රා 19 යි.
10) අංක 089504 දරණ එල්.ජි. වර්ගයේ CPU 01 යි.
11) අංක NQSA267376 දරණ Canon වර්ගයේ පින්ටර් යන්ත්‍ර 01 යි.
12) NO-M-103 දරණ KOVAC වර්ගයේ ඉංග්‍රිසි යතුරු ලියන 01 යි.

image 24
image 25
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07