මහවැසි නිසා කරච්චියට නිවාඩු දෙයි – මුම්බායට මිලි මීටර් 850කට වැඩි වැස්සක්

වාර්ෂික මෝසම් සමය එළැඹීමත් සමග විශාල ගංවතුර තත්ත්වයක් හට ගැනීම හේතුවෙන්, පාකිස්තානයේ මූල්‍ය අගනුවර වන කරච්චිහි අද (20) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

මෑත දිනවල මෝසම් වැසි පකිස්ථානය පුරා විනාශයක් ඇති කර ඇති අතර, පසු ගිය සිකුරාදා වයඹ දිග කඳුකරයට බලපෑ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 377 දක්වා ඉහළ ගොස් තිබුණා.

කරච්චිහි නගරයට පසුගිය අඟහරුවාදා වැසි ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇතැයි බලධාරීන් පවසනවා.

පකිස්ථානයේ විශාලතම නගරය වන මෙහි සමහර ප්‍රදේශවල වර්ෂාපතනය වසර ගණනාවකින් නොදුටු මට්ටමකට ළඟා වුණු අතර අඟහරුවාදා නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 178ක වර්ෂාවක් ලැබී තිබුණා.

එමෙන්ම කාලගුණ බලධාරීන් පැවසුවේ ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට මිලිමීටර් 163.5 ක වර්ෂාපතනයක් ලැබුණු බවත් එය 1979 න් පසු එහි වාර්තා වූ ඉහළම වර්ෂාපතනය බවයි.

නගරයේ ඊසාන දෙසින් මිලිමීටර් 178 ක් පමණ වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය වසර පහකට පෙර කාලගුණ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

වර්ෂාව හේතුවෙන් විදුලිය, ජංගම දුරකථන සේවා සහ ගුවන් ගමන් ද අඩාල වූ බව නිලධාරීන් පැවසුවා.

නිවාස ජලයෙන් යටවී ඇති අතර, නිවාස සමඟ වීදිවල පාවෙන මෝටර් රථ සහ අනෙකුත් වාහන ප්‍රාදේශීය රූපවාහිනීවල විකාශය වුණා.

ගලවා ගැනීමේ සේවකයින්, පොලිසිය, ස්වේච්ඡා සේවකයින් සහ රජයේ සිවිල් ආයතන සහන කටයුතු සඳහා සහාය වෙමින් සිටිනවා.

අසල්වැසි ඉන්දියාවේ ද මූල්‍ය අගනුවර වන මුම්බායි වෙතද අධික මෝසම් වැසි ඇද හැලී ඇති අතර, අගෝස්තු 20 වන දින දක්වා දින පහ තුළ නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 875.1 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ බදාදා නගරයේ බොහෝ පාසල් අඛණ්ඩව දෙවන දිනටත් වසා දමා ඇති අතර දුම්රිය සේවා අඩාල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29