මහවැසි නිසා කරච්චියට නිවාඩු දෙයි – මුම්බායට මිලි මීටර් 850කට වැඩි වැස්සක්

වාර්ෂික මෝසම් සමය එළැඹීමත් සමග විශාල ගංවතුර තත්ත්වයක් හට ගැනීම හේතුවෙන්, පාකිස්තානයේ මූල්‍ය අගනුවර වන කරච්චිහි අද (20) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

මෑත දිනවල මෝසම් වැසි පකිස්ථානය පුරා විනාශයක් ඇති කර ඇති අතර, පසු ගිය සිකුරාදා වයඹ දිග කඳුකරයට බලපෑ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 377 දක්වා ඉහළ ගොස් තිබුණා.

කරච්චිහි නගරයට පසුගිය අඟහරුවාදා වැසි ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇතැයි බලධාරීන් පවසනවා.

පකිස්ථානයේ විශාලතම නගරය වන මෙහි සමහර ප්‍රදේශවල වර්ෂාපතනය වසර ගණනාවකින් නොදුටු මට්ටමකට ළඟා වුණු අතර අඟහරුවාදා නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 178ක වර්ෂාවක් ලැබී තිබුණා.

එමෙන්ම කාලගුණ බලධාරීන් පැවසුවේ ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට මිලිමීටර් 163.5 ක වර්ෂාපතනයක් ලැබුණු බවත් එය 1979 න් පසු එහි වාර්තා වූ ඉහළම වර්ෂාපතනය බවයි.

නගරයේ ඊසාන දෙසින් මිලිමීටර් 178 ක් පමණ වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය වසර පහකට පෙර කාලගුණ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

වර්ෂාව හේතුවෙන් විදුලිය, ජංගම දුරකථන සේවා සහ ගුවන් ගමන් ද අඩාල වූ බව නිලධාරීන් පැවසුවා.

නිවාස ජලයෙන් යටවී ඇති අතර, නිවාස සමඟ වීදිවල පාවෙන මෝටර් රථ සහ අනෙකුත් වාහන ප්‍රාදේශීය රූපවාහිනීවල විකාශය වුණා.

ගලවා ගැනීමේ සේවකයින්, පොලිසිය, ස්වේච්ඡා සේවකයින් සහ රජයේ සිවිල් ආයතන සහන කටයුතු සඳහා සහාය වෙමින් සිටිනවා.

අසල්වැසි ඉන්දියාවේ ද මූල්‍ය අගනුවර වන මුම්බායි වෙතද අධික මෝසම් වැසි ඇද හැලී ඇති අතර, අගෝස්තු 20 වන දින දක්වා දින පහ තුළ නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 875.1 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ බදාදා නගරයේ බොහෝ පාසල් අඛණ්ඩව දෙවන දිනටත් වසා දමා ඇති අතර දුම්රිය සේවා අඩාල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?