මහවැලි ගගට පැන්න යුවලේ තරුණිය අතුරුදහන්…

මහියංගනය ප්‍රදේශයේදී මහවැලි ගගට පනින ලද තරුණ යුවලක් අතුරෙන් තරුණියක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ සවස සවස තරුණ යුවලක් මහවැලි ගගට පැන ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති තරුණිය රිදීමාලියද්ද ගස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්. ඇය උපකාරක පංති යන බව පවසා ඊයේ උදාසන නිවසින් පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පොලිසිය නාවික හමුදා නිළධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණිය සොයා තවදුරටත් මහවැලි ගගේ මෙහෙයුමක නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?