මහමග තණ බුදිමින් සිටි ගවයෙකු පැහැරගෙන යයි

මහමග සිටි ගවයෙකු කිසියම් පිරිසක් විසින් රියකින් පැමිණ පැහැරගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වාද්දූව – තල්පිටිය ප්‍රදේශයෙන්.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මහමග සිටි ගවයෙකු නන්නාදුනන පිරිසක් පැමිණ කුදලාගෙන යන ආකාරය අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇති බවයි.

අද අලුයම 3ට පමණ වාද්දුව පොලිස් වසමේ තල්පිටිය ප්‍රදේශයට පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් දුම්රිය මාර්ගය අසල සිටි ගවයකු ඉතා අමානුෂික ලෙස පටවාගෙන යන අයුරුයි කැමරාවේ සටහන් ව ඇත්තේ.

එම ලොරි රථය එම ස්ථානයෙන් කිහිපවතාවක් ම ගමන් කරන ආකාරය ද දැකගන්නට ලැබී තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ ලොරි රථය සොයා වාද්දූව පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?