මහනුවර වැඩිහිටි නිවසකින් ආසාදිතන් 46 කු හමුවෙයි

වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මහනුවර පිහිටි එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ.

මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ මේ වන විට වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවයි.