මහනුවර මහියංගණය මාර්ගයේ ගමනා ගමනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ එම මාර්ගයේ ස්ථාන රැසක පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් වාර්තා වී ඇති බවයි.

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ මෙන්ම 18 වංගුවේ ද ස්ථාන කිහිපයක නාය යාම් සිදුව ඇතැයි සඳහන්.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක මාර්ගය හරහා විශාල ජල පහරවල් ද ගලාගෙන යන බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටු යළි විවෘත වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශ ඉතිහාසයේ එක් වර්ෂා සමයකදී ස්වයංක්‍රිය වාන් දොරටු විවෘත වූ වැඩිම අවස්ථා ගණන සටහන් වන්නේ ද මෙවරයි. එම අවස්ථා ගණන 7ක්.

මෙලෙස දොරටු විවෘත විමෙන් පසු පිටවන ජලය මහවැලි ගඟට මුදා හරින අතර එම ජලය මහවැලි ගඟ ඔස්සේ රන්දෙණිගල ජලාශයට එක්වන බවයි ජලාශයේ යාන්ත්‍රික ඉංජිනෙරු සාලිය දිසානායක මහතා ප්‍රකාශ කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණියයේ සිට හසලක දක්වා අතර කොටසේ ස්ථාන 7ක නාය යාම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තාවී ඇති බවයි.

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ ද නායයාමක් වාර්තා වන අතර එම පස් ඉවත් කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක බව සඳහන්.

ප්‍රදේශයට තවදුරටත් කඩින්කඩ වැසි පතිත වෙමින් පවතිනවා.

මේ අතර මැද මහනුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස කිහිපයක පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි ආපදා කළමනාකරණ නිලධාරන් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?