මහනුවර මහියංගණය මාර්ගයේ ගමනා ගමනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ එම මාර්ගයේ ස්ථාන රැසක පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් වාර්තා වී ඇති බවයි.

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ මෙන්ම 18 වංගුවේ ද ස්ථාන කිහිපයක නාය යාම් සිදුව ඇතැයි සඳහන්.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක මාර්ගය හරහා විශාල ජල පහරවල් ද ගලාගෙන යන බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටු යළි විවෘත වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශ ඉතිහාසයේ එක් වර්ෂා සමයකදී ස්වයංක්‍රිය වාන් දොරටු විවෘත වූ වැඩිම අවස්ථා ගණන සටහන් වන්නේ ද මෙවරයි. එම අවස්ථා ගණන 7ක්.

මෙලෙස දොරටු විවෘත විමෙන් පසු පිටවන ජලය මහවැලි ගඟට මුදා හරින අතර එම ජලය මහවැලි ගඟ ඔස්සේ රන්දෙණිගල ජලාශයට එක්වන බවයි ජලාශයේ යාන්ත්‍රික ඉංජිනෙරු සාලිය දිසානායක මහතා ප්‍රකාශ කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණියයේ සිට හසලක දක්වා අතර කොටසේ ස්ථාන 7ක නාය යාම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තාවී ඇති බවයි.

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ ද නායයාමක් වාර්තා වන අතර එම පස් ඉවත් කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක බව සඳහන්.

ප්‍රදේශයට තවදුරටත් කඩින්කඩ වැසි පතිත වෙමින් පවතිනවා.

මේ අතර මැද මහනුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස කිහිපයක පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි ආපදා කළමනාකරණ නිලධාරන් පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51