Indian Premier League

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් සැකකරු රිමාන්ඩ්

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට පසුගිය (16) වනදා මීදුම්පිටිය ප්‍රදේශයේ දී පහරදී තිබුණා.

මිදුම්පිටිය නගරයේ වෙලෙඳසැල් පරික්ෂාවට ලක් කිරිමේදී ව්‍යාපාරිකයෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් මත එම ව්‍යාපාරිකයාගේ 24 හැවිරිදි පුත්‍රයා විසින් මෙම පහරදී සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා එදිනම පස්සර දිසා රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?