AFC Banner
AFC Banner
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට

මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.

ඒ උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා යි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්තිට සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපතිවරයාට අද මෙලෙස කැඳවීම් කර තිබුණ ද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණි නොසිටි බවයි වාර්තා වන්නේ.

දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධා වන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බැවින්, 23 වන දින සිට පෙබරවාරි 17 දින දක්වා විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා යවා තිබුණේ.

එහෙත් ඒ පිළිබඳ විදුලිබල අමාත්‍යංශය සහ මහජන උපයෝගීතා කොමිසම කිසිදු පියවරක් ගෙන නොමැති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ.

ඒ අනුව ඊට අදාළව පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට දන්වා යවා තිබුණා.

මානව හිමිකම් කොමිසමට පැමිණි ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ විභාගය පැවැත්වෙන දිනවල විදුලි කප්පාදුවක් සිදුවීම තුලින් මානව හිමිකම් කඩවීමක් සිදුවන බවයි.

මෙවැනි කොමිසමකට පැමිණ පිළිතරු ලබාදීමේ හැකියාවක් ලේකම්වරයාට නොමැති බවට විශ්වාස කරන බව ද ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?