මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක් දෙන්නේ නැහැ – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

මහජනතාව අපහසුතවයට පත් කරමින් තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යෙදෙනෙ ක්‍රියාමාර්ග රජයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වනවිට ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මහජනතාව වෘත්තීය සමිති සමඟ එකට සිට ගන්නේ නැතිව සිදුකරන වෘත්තීය අරගලවලින් කිසිඳු ජයග්‍රහණයක් හිමි නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් ලබා නොදෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

කෙසේ වෙතත් රජය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අද (17) පෙරවරුවේ කෙටි දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකිවූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?