AFC Banner
Empty Ad
Empty Ad

මහකනදරාවේ අලි කුලප්පු කරන ඩ්‍රෝන යානා

මේ දිනවල මිහින්තලේ මහකනදරා වැවට ජලය සොයා අලි ඇතුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් පැමිණෙනවා.

එලෙස වැව් පිටියට පැමිණෙන අලි ඇතුන් නැරඹීම සඳහා ජනතාව ද විශාල පිරිසක් පැමිණෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණෙන පිරිස අතර සිටින ඇතැන් කණ්ඩායම් සහ පුද්ගලයින් ඩ්‍රෝන කැමරා යොදාගෙන ආහාර සහ ජලය සොයා පැමිණෙන අලි ඇතුන් කුලප්පු කරවීමට කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

අලි ඇතුන්ගේ සමාන මට්ටමින් එලෙස ක්‍රියාකරවන ඩ්‍රෝන කැමරාවලට බිය වී එම සතුන් ආහාර සහ ජලය නොගෙනම නැවතත් කැලෑව දිව යන බවයි අප වර්තකාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතැම් අලි ඇතුන් ඒම අවස්ථාවල ගම්බිම්වලට පවා කඩා වදින බවත් එලෙස පැමිණෙන අලි ඇතුන් එළවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව ද ප්‍රාදේශවාසීන් පැවසුවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස එම සතුන්ට හිංසාකාරී වන ආකාරයට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බල ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?