AFC Banner
AFC Banner
Empty Ad

මසුන් මැරීමට ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා හමුවෙයි

මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 19 සහ 23 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් පසුගිය 23 වනදා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ අතර ආපසු නොපැමිණීම හේතුවෙනුයි ඥාතීන් පොලිසියට දැනුම්දී ඇත්තේ.

අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීම ආරම්භ කර තිබෙනවා.

දින කිහිපයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ධීවරයන් දෙදෙනා රැගත් යාත්‍රාව කල්පිටිය මුහුදට නුදුරුරින් වූ මුහුදු තීරයේ පාවෙමින් සිටියදී නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.

සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් ඔබ්බට මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ යාත්‍රාවේ එංජිමේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එය පණගැන්වීමට නොහැකිව දින දෙකකට වැඩි කාලයක් මුහුදේ පාවෙමින් සිටි බවටයි ධීවරයන් ප්‍රකාශකර ඇත්තේ.

ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ධීවරයන් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ද ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?