මසුන් මැරීමට ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා හමුවෙයි

මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 19 සහ 23 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් පසුගිය 23 වනදා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ අතර ආපසු නොපැමිණීම හේතුවෙනුයි ඥාතීන් පොලිසියට දැනුම්දී ඇත්තේ.

අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීම ආරම්භ කර තිබෙනවා.

දින කිහිපයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ධීවරයන් දෙදෙනා රැගත් යාත්‍රාව කල්පිටිය මුහුදට නුදුරුරින් වූ මුහුදු තීරයේ පාවෙමින් සිටියදී නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.

සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් ඔබ්බට මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ යාත්‍රාවේ එංජිමේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එය පණගැන්වීමට නොහැකිව දින දෙකකට වැඩි කාලයක් මුහුදේ පාවෙමින් සිටි බවටයි ධීවරයන් ප්‍රකාශකර ඇත්තේ.

ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ධීවරයන් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ද ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58