චීනවරාය පොලිස් වසමේ ධීවරගම ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් මවක් සහ ඇයගේ පුතා මියගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයේ (11) පස්වරුවේ කොළඹ දෙස සිට ත්‍රිකුණාමලයට ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාව වයස අවුරුදු 47ක තැනැත්තියක් වන අතර, ඇයගේ පුත්‍රයා 10 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වුණේ.
පියා විසින් ගෙනැවිත් දුන් ආහාර පාර්සලයක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටිය ද මවුන් දෙදෙනා මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.
චීනවරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
13
+1
+1