AFC Banner
Empty Ad

මව මරා පැනගිය පුත්‍රයාත් සියදිවි නසාගෙන

කලක සිට පැවති පුද්ගලික ආරවුලක් මත මොට ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (15) අලුයම් කාලයේ ගොඩකවෙල, පල්ලේබැද්ද, ගල්පාය ප්‍රදේශයේ දී 82 හැවිරිදි සිය මවව ඝාතනය කර පුත්‍රයා පළාගොස් තිබුණා.

එලෙස පළාගොස් සිටි සැකකාර පුත්‍රයා උඩවලව, ගුරුමඩයාය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සියදිවි හානිකරගත් සැකකරු 54 හැවිරිදි වියේ පසුවන පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?