තම මව ඝාතනය කර නිවසින් පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බංගම පාවුල වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක්.
අද පෙරවරුවේ සැකකාර පුත්‍රයා තම මවට මුගුරකින් හිසට පහර දී ඇති අතර ඉන් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මියගොස් තිබෙනවා.
සැකකාර පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව සඳහන්.
ඔහු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවස වෙත පැමිණ සිටියදීයි මෙම ඝාතනය සිදු කර ඇත්තේ.
බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්වාසීන් එක්ව අකුරැස්ස රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි.
සැකකාර පුත්‍රයා මේ වන විට නිවසින් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.














මව මැරීම පියා මැරීම බුදුන්ගේ ලේ සෙලවීම ආනන්තර්ය පාප කර්මයක් බව හරි එය මම කිසිසේත්ම අනුමත කරන්නේ නැත මම ද පිළිකුලින් හෙළා දකිමු පොඩි දෙයක් කියන්න තියෙනවා මානසික ලෙඩෙක් නිසා ලෙඩෙක් නිසාබුදුන්ගෙන් සමාවක්ලැබෙයිද??
UTA ATHI PISSUWAK NAHE. OYA MINEE MARALA YASA AGETA PENALA GIHIN YASA APUTUWATA AHU NOWENNA HANGILA INNE. PISSEKUTA OHOMA PLA KARALA MARALA PLAN KARALA HANGENNA BAHE.