මව්බිම රනින් සැරසූ දිනේෂ් ගේ බිරිය කියන කතාව

මගේ මහත්තයා රන්පදක්කමක් දිනලා රටට ගෞරවය ගෙනාව කියලා අහන කොට මට හිතට දැනුනේ මහ පුදුම සතුටක්. ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට  ගියේ රන් පදක්කම දිනනවා කියලම යැයි ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වූ රන්පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් ඉපලෝගම කාගම 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියන්ත මහතා ගේ බිරිස වන ඉසිංකා මධුවන්ති මහත්මිය පැවසුවාය.

තම සැමියා වූ දිනේෂ් ප්‍රියන්ත මහතා ජපානයේ ටෝකියෝ නුවර පැරා ඔලිම්පික් තරතාවලියට සහභාගී වෙමින් එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු සිය සැමියා පිළිබදව කතාකරමින් මධුවන්ති මහත්මිය එසේ කීවාය.

හෙල්ල්ල විසි කිරිමේ එම තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද දිනේෂ් ප්‍රියන්ත විසින් පිහිටුවා තිබේ. ඒ මීටර් 67.79ක් දුරට හෙල්ල විසි කිරීමෙන් සිය දක්ෂතාවයන් පෙන්නුම් කරමිණ.

රන්පදක්කම් ලාභි දිනේෂ් කලක් ශ්‍රිලංකා යුධ හමුදාවේ සේවය කර ඇති අතර එහිදි දිනේෂ්ගේ අතට සිදුව ඇති වෙඩි වැදීමකින් දිනේෂ් අබාදිත තත්ත්වයට පත්ව ඇත. එයින් අධෛර්යයට පත් නොවූ දිනේෂ් සිය ක්‍රීඩා කුසලතාවන් ප්‍රගුණකරමින් දිරියෙන් කටයුතු කරමින් මෙම ස්ථානය ලබා ගැනීමට කටයුතු කර තිබේ. විවාහකයකු වන දිනේෂ් තිදරු පියෙකි.

දිනේෂ් ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමග දිනේෂ්ගේ ආදරණීය බිරිද ඉසංකා මධුවන්ති සිය සැමියාගේ දක්ෂතාවයන් ගැන වැඩිදුරටත් මෙසේ ද කිවාය.

ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට යනකොට මහත්තයා කියලමයි ගියේ රන් පදක්කම දිනනවා කියලම. ඒයා ඒක හරිම විශ්වාසයෙන් කිවා. අපි හැමෝගෙම ආශිර්වාදයත් ඒකට තිබුනා. එයා දරුවන්ටත් හැම වෙලාවෙම කිව්වේ හැම වෙලාවෙම අධිෂ්ඨානයේන් කටයුතු කරන්න එතකොට කවදාවත් පරදින්නේ නෑ කියලා. ඉතින් එයා ඒ ආදර්ශය අද දරුවන්ට දුන්නා. මගේ මහත්තයා අද අපේ දුෂ්කර ගම රට ලෝකයේ ඔසවා තැබුවා ඒ ගැන මට හරිම ආඩම්බරයි. දරුවන්ටත් එහෙමයි. දිනේෂ් පුංචිකාලේ ඉදලම බොහෝම දුක් විදපු කෙනෙක් එයා සාමාන්‍යෙයන් ඉලක්කයක් අරමුණක් තිබුණම ඒ ඉලක්කයට අරමුණට යනවමයි.දිනේෂ් පුංචි කාලේ ඉදලම ක්‍රීඩාවට දක්ෂයි. දිනේෂ් යුද හමුදාවේ වසර ගනනක් සේවය කළා රට බේර ගන්න එහෙම යුද්ධයේ යෙදිලා ඉද්දි තමයි දිනේෂ් ගේ අතට වෙඩි වදින්නේ . වෙඩි වැදිලත් එයා කිලෝමීටර් ගානක් තනියම ඇවිත් තියෙනවා. ඒ අතින් එයාගේ හිත හරි ශක්තිමත් එයා ලබපු මේ ජයග්‍රහණය රටට ආඩම්බරයක් බිරිද ලෙස මගේ සැමියා රටට ගෙනාව මේ තෞරවය ගැන මමම ඉතාමත් සතුටු වෙනවා.

දිනේෂ් ගේ වැඩිමහල් පුතා සෙනද නෙනුවන් සිය පියාගේ ජයග්‍රහණය ගැන කීවේ මෙවන් දෙයකි.

මගේ තාත්තා ඔලිම්පික් යන්න කලින් අපිට කියලා ගියේ කොහොම හරි රන්පදක්කම ගේනවා කියලා. ඉතිං අපිත් ඒ ගැන ගොඩක් සතුටු වුණා මගේ තාත්තා අද මගේ රට ලෝකයේ බැබලුවා. ඒ ගැන අපේ පවුලේ අයට තියෙන්නේ පුදුම සතුටක් කාලයක් තාත්තා හමුදාවේ හිටියා ඊට පස්සේ තමා තාත්තට වෙඩි වැදිලා ආබාධිත වුනේ. ඒත් තාත්තා ඒ ගැන හිතුවේ නැහැ අපිට හැම වෙලාවෙම කියන්නේ හොදට ඉගෙන ගෙන රට ලෝකයේ බලලවන්න කියලා. මමත් ලොකුවෙලා තාත්තා වගේම රට ලෝකයේ බබලවනවා. මගෙත් අරමුණ දැන් ඒක. මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි අපි තාත්තා ලංකාවට එනකල් මග බලාගෙන ඉන්නවා.

ටෝකියෝ පැරාඔලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියශාන්ත ඉපලෝගම කාගම ධාතුසේනපුර විද්‍යාල‍යේ ආදි ශීෂ්‍යකු ද වන්නේය.

ශ්‍රී ලංකාව රනිනන් සැරසූ දිනේෂ්ට සුභපැතුම්ද අපි මෙලෙස එක්කරමු.

– කුෂාන් ජයවර්ධන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42