Empty Ad
AFC Banner
Empty Ad

මව්බිම දෙවැනි තැනට දමා ෂකීබ් ලංකාවට එන්න සැරසෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඉවත්ව තිබෙනවා.

ඒ, අනුව ලබන 08න වනදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් ඔහු බංග්ලාදේශ කණ්ඩායම නියෝජන නොකරන බවයි වාර්තා වන්නේ.

එලෙස බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු ලංකා T10 ලීගය සඳහා එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ආරක්‍ෂක හේතූන් මධ්‍යයේ තම මව්බිමේ දී සමුගැනීමේ ටෙස්ට් වරම් නොලැබුණු ෂකීබ් එළඹෙන චැම්පියන්ස් කුසලානය සඳහා තම රට නියෝජනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ෂකිබ්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් නොසතුට පළකර ඇති අතර, ෂකීබ්ගේ මානසික යහපැවැත්ම ගැන කනස්සල්ල පළ කළ ඇතැම් නිලධාරීන්, ඔහු මේ වන විට තම රට නියෝජනය කිරීමට සුදුසු තත්ත්වයේ නොසිටින බවයි පවසා ඇත්තේ.

ෂකීබ් දෙසැම්බර් 12 සිට 22 දක්වා ලංකා T10 ලීගයට සහභාගී වන අතර, එහිදී ඔහු ප්ලැටිනම් ක්‍රීඩකයෙකු ලෙස ගෝල් මාවල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?