AFC Banner
AFC Banner
Empty Ad

මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග්

මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග් – හැරිස් හා ට්‍රම්ප් අතර කරට කර තරගයක්

අමෙරිකානු එක්සත් ජනපදයේ මේ වනවිට (06) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබා දී තිබෙනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම අවස්ථාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) පස්වරුවේ ආරම්භ වූ අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට ඡන්ද ප්‍රතිඵල මැතිවරණ විද්‍යාලයක් හරහා ප්‍රකාශයට පත් කරමින් සිටින අතර අද උදෑසන සිය මව්බිමේ ප්‍රතිඵල නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද එක් ව සිටියා.

ජූලි චන්ග් මහත්මිය ඒ සඳහා කොළඹ මැරියට් හෝටල් සංකීර්ණයට පැමිණ සිටි බවයි පැවසෙන්නේ.

මෙම අවස්ථාවට විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටි අතර ජූලි චන්ග් විසින් පැමිණ සිටි පිරිස අමතනු ලැබුවා.

මේ අතර අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵල සියයට 80ක්ම නිකුත් කර අවසන් වෙමින් තිබෙනවා.

මේ වනවිට ලැබූ ඡන්ද ප්‍රතිඵලවලින් ආසන 230ක් ලබාගනිමින් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර කමලා හැරිස් ආසන 210ක් දිනාගෙන තිබෙනවා.

තවත් ප්‍රධාන පෙළේ ප්‍රාන්ත කිහිපයක පමණක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට නියමිත අතර රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හැරිස් අතර ඇත්තේ කරට කර උණුසුම් තරගයක්.

අමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට නම් දෙදෙනාගෙන් කෙනෙක් 270ක් ආසන ජයගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?