මවගේ දෙවන සැමියා අවුරුදු 17 දියණිය ඝාතනය කරලා

මැදිරිගිරිය පොලිස් වසමේ නවනගරය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිසුවියකට තියුණු ආයුධයකින් පහරදීම ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (26) පස්වරුවේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 17ක සිසුවියක්.

මෙම සිසුවිය සිය මිත්තණිය සමඟ නිවසේ සිටියදී ඇයගේ මවගේ දෙවන ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියේදී ද මිත්තණිය තුවාල ලබා මේ වන විට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මැදිරිගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
53
+1
7
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?