මවකගේ සහ අවුරුදු 07ක දරුවාගේ සිරුරු ළිඳකින් ගොඩගනී

වයස අවුරුදු 37ක මවකගේ සහ එම මවගේ වයස අවුරුදු 07ක කුඩා දරුවාගේ සිරුරු වාරියපොළ, වල්පොල ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ මොවුන් දෙදෙනාගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මව සහ දරුවා ඊයේ පස්වරුවේ දින නෑම සඳහා ළිඳ වෙත ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අදාළ ළිඳ අසළ සිදුකළ සෝදිසි කිරීමේ දී ඔවුන් දෙදෙනාගේ ඇඳුම් සහ පාවහන් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ළිඳේ වතුර ඉවත්කර බැලීමේ දී ළිඳ තුළ තිබී මෙම මවගේ සහ දරුවාගේ සිරුරු සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඊයේ (22) මධ්‍ය රාත්‍රියේ දී මෙම සිරුරු සොයාගෙන ඇති අතර, සොයාගත් සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.

මෙලෙස මියගොස් සිටින වයස අවුරුදු හතේ කුඩා දරුවාගේ උපන්දිනය ද හෙට (24) දිනයට යෙදී ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15