මල්වත්තේ පිපිරීමක් – අයෙකු මරුට

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙය සිදුව තිබුණේ ඊයේ (11) දින යි.

පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

තවත් අයෙකු තුවාළ ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේවන විට අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ තුවාළ ලැබූ තැනැත්තා එක්ව නීති විරෝධී මත්පැන් පෙරීමක නිරත වී ඇති බවට යි.

දෙදෙනා එලෙස මත්පැන් පෙරමින් සිටින අතරතුර ඒ සඳහා යොදාගත් බැරලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශන හරහා අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වත්ත ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට සමන්තුරෙයි රෝහලේ තැන්පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?