AFC Banner
AFC Banner
Empty Ad

මරේ වතුයායේ දී හයකට බඹර ප්‍රහාරයක්

මස්කෙළිය, මරේ වතුයායේදී සිදුදූ බඹර ප්‍රහාරයකින් එම වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් හයදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (28) සවස මරේ වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති අතර කාන්තාවන් පස්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර ඇති බව සඳහන්.

තුවාලකරුවන්ගේ තත්ත්වයන් බරපතල නොවන බවත් එම තුවාලකරුවන් මේ වන විට මස්කෙළිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් එම රෝහලේ නිලධාරියෙකු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?