මරු කැඳවූ රිය අනතුරකට වරදකරු වූ බස්රථ රියැදුරෙකු 13 වසරකට සිපිරිගෙට

පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් තවත් 25 දෙනෙකුට ආසන්න පිරිසක් ආබාධිතයින් බවට පත් වූ බස්රථ අනතුරක රියදුරෙකුට වසර 13කුත් මාස 03ක කාලයක් බරපතළ වැඩ සහිත ව සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව ඊයේ (13) පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුහන්දුරුගොඩ මහත්මිය විසින් නියම කරනු ලැබුවා.

තීන්දුවට අමතර ව රුපියල් 55,800ක දඩ මුදලක් ද විනිසුරුවරිය විත්තිකාර පාර්ශ්වය වෙත ගෙවන ලෙසට නියෝග කළා.

මෙලෙස මහාධිකරණයෙන් දඬුවම් නියම වූයේ පෞද්ගලික බස් රථයක රියදුරෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් ජිප්රි මොහොමඩ් වාහිල් නම් වූ 38 හැවිදිරි අයෙකුට යි.

හෙතෙම සිව්දරු පියෙක්.

2017 නොවැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී හලාවත – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබුණා.

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ගොස් මෙම අනතුර සිදු වූ අතර ඉන් සත් දෙනෙකුට දිවි අහිමි වුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

සැකකරුට එරෙහි ව මුන්දලම පොලීසියේ රථවාහන අංශය විසින් පුත්තලම දිසා අධිකරණයේ නඩු පවරා තිබූ අතර පසුව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ නඩු විභාගය පුත්තලම මහාධිකරණය වෙත යොමු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි සැකකරුට එරෙහි ව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

චූදිතට එරෙහි ව නීතිපතිවරයා විසින් චෝදනා 50ක් ගොනු කළ අතර සියලු ම චෝදනාවන්ට චුදිත ව වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරිය එක් එක් චෝදනා සඳහා වෙන වෙනම දඬුවම් ද නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?