හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය විසිනුයි අදාළ නියෝගය නිකුත් කරන ලද්දේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (09) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදීයි.
එම සිද්ධියේ සැකකරුවන් වන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රෝයි පෙරේරාට ද මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කෙරුණා.
මෙම සිදුවීමට අදාළ ව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ, ලබන 21 වැනිදා දක්වා සැකකාර හිටපු අමාත්‍යවරයා ව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසයි.
පසුගිය මාර්තු 05 වැනිදා රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අනෙක් සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා සොයා පසුගිය සතියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ස්ථාන රැසක් පරීක්ෂා කර තිබුණත් ඔවුන් පිළිබඳව මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බව පොලිසිය සඳහන් කළා.