මරණ දඬුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ අභියාචනය විභාගයට දින නියම වෙයි

2012 වසරේ වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා විසින් තමන්වම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

විජිත් මළල්ගොඩ, එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අභියාචනා විභාගය නොවැම්බර් මස 06,07,08,13,14 සහ 15 යන දිනවල විභාගයට ගැනීමට අධිකරණය නියම කළා.

නඩු විභාගය පැවැත්වෙන දින වල විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

පෙත්සම්කාර පාර්ශ්වයේ ලිඛිත දේශන සැප්තැම්බර් මස 15 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඔක්තෝබර් මස 13 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කළා.

2012 වසරේ නොවැම්බර් මස 09 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුම් වලදී සිරකරුවන් 08 දෙනෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු කල හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2022 වසරේ ජනවාරි 12 වනදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

එම දඬුවම නියම කළ ආකාරය නීතියට පටහැනි යැයි තීරණය කර තමන්ව එම දඩුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි විත්තිකාර එමිල් රංජන් ළමාහේවා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ගොනු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?