මරණ දඬුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ අභියාචනය විභාගයට දින නියම වෙයි

2012 වසරේ වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා විසින් තමන්වම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

විජිත් මළල්ගොඩ, එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අභියාචනා විභාගය නොවැම්බර් මස 06,07,08,13,14 සහ 15 යන දිනවල විභාගයට ගැනීමට අධිකරණය නියම කළා.

නඩු විභාගය පැවැත්වෙන දින වල විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

පෙත්සම්කාර පාර්ශ්වයේ ලිඛිත දේශන සැප්තැම්බර් මස 15 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඔක්තෝබර් මස 13 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කළා.

2012 වසරේ නොවැම්බර් මස 09 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුම් වලදී සිරකරුවන් 08 දෙනෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු කල හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2022 වසරේ ජනවාරි 12 වනදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

එම දඬුවම නියම කළ ආකාරය නීතියට පටහැනි යැයි තීරණය කර තමන්ව එම දඩුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි විත්තිකාර එමිල් රංජන් ළමාහේවා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ගොනු කර ඇත්තේ.

  1. ලොකු තනතුරු දරණ කාටත් පාඩමක්..තමන්ගෙ වගකීම හරියටම නොකරන සියලුදෙනාම ආදර්ශයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50