මරණයකින් කෙළවර වූ පවුල් ආරවුල

හබරාදූව පොලිස් වසමේ අමුකොටුව ප්‍රදේශයේ දී ඊයේ (29) රාත්‍රී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇගේ ස්වාමිපුරුෂය විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මෘත ශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

සැකකරු පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව හබරාදූව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?