අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදර්ශයක් සපයන්නේ නම් තමන්ද ආදර්ශයක් වෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදර්ශයක් විය හැකි නම් තමන් පොහොට්ටුවෙන් ආදර්ශයක් වන බවයි.
“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.
එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.”




