“මම නිදහසට කරුණු කියන්න කැමති නෑ” – වනිඳු

තමන් නිදහසට කරුණු කීමට අකමැති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) සිම්බාබ්වේ සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් වනිඳු මේ බව සඳහන් කළා.

පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන අංශ තුනෙන් ම සිදු වූ යම් යම් අතපසුවීම් හේතුවන් මෙම තරගය පරාජයට පත්වීමට සිදු වූ බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් මෙම තරගය ජයගැනීමට හැකිව තිබූ බවයි ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“ඕල්රවුන්ඩස්ලා දෙන්නෙක්ගෙන් යනකොට අපි ඕවස් හතරක් අපි හදන්න ඕන. ඒ ඕවස් හතර හදද්දී මම බැලුවේ පුළුවන් තරම් අන්තිම ඕවරේට එනකොට එයාලය ගහන්න තියන ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න, මට ඕන විදියට වුණා. ඉතින් අවාසනාවකට මේ වගේ තරගයක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට එන්න තමයි බලාපොරොත්තුව.”

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරයේ ජයග්‍රහණය අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවෙන් උදුරාගන්නට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.

ඒ, එම තරගය ජයගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 174ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ පසුකර යමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?