AFC Banner
AFC Banner
Empty Ad

“මම ඔස්ටින්“ කෘතිය ජනපතිට

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

ස්වයං ලිඛිත චරිතාපදානයක් වන මෙම කෘතිය මඟින් රාජ්‍ය සේවයේ හා දේශපාලන ක්‍රියාකාරීත්වයේ කදිම විවරණයක් සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණා.

රාජ්‍ය සේවයේ ඉහළ වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාරවල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මතභේදාත්මක සිදුවීම්වල ජීවමාන සාක්ෂිකරුවකු බවටද පත්ව තිබෙනවා.

ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව ජනමාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය වටහා ගැනීමට මේ කෘතිය අවස්ථාවන් විවර කර දෙනු ඇති.

ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ මෙන්ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ්වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වයද, දුර්වලත්වයද, සංකීර්ණත්වයද දැකිය හැකියි.

‘මම ඔස්ටින්’ කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන්ම කාලෝචිත සමාජ කතිකාවතක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?