මම එහෙම කිව්වේ නැහැ :ජනපති කියයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට තමාට අවශ්‍යතාවක් නැතැයි ද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පවසා ඇත.

රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද,ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එම රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර,ඒ හේතුවෙන් රැස්වීම උණුසුම් වූ බවද දැනගන්නට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු වැඩි දෙනෙක් ඊට සහභාගීවූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?