මම ආයෙත් එනවා – සමාජ මාධ්‍ය තුල බොහෝ කතා මැවූ වික්ටර් රත්නායකයන් නැවතත් කරලියට

දැඩි ලෙස රෝගාතුරව සිට සුවය ලද ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහුගේ මුහුණු පොත ඔස්සේ රසිකයන්ට ප්‍රතිඥාවක් දුන්නේය.

“ ගී පොද මල් වරුසාවකින් ඔබ හද තෙත් කරන්නට නුදුරේම ඔබ හමුවට

එනු රිසියෙමි..”

ඔහු ඒ ප්‍රතිඥාව ඉටු කරමින් සිටින්නේය. ප්‍රවීණයන් බොහෝ දෙනෙක් විවිධ හේතූන් දක්වමින් නව නිර්මාණ එළිදැක්වීමෙන් වැළකී සිටිද්දී වික්ටර් රත්නායකයන් මේ දිනවල අලුත්ම ගීත කීපයක් පටිගත කරමින් සිටී. ඒ අතර චිත්‍රපටයක සංගීතය අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම එම චිත්‍රපටයේ ගීත දෙකක් ප්‍රවීන ගායිකා ලතා වල්පොල සමගින් ගායනා කිරීමද සතුටුදායක පුවතකි. මේ නිසාම ඔහු දැන් තරමක් කාර්ය බහුල තත්ත්වයකින් පසුවේ.

අසනීප වූ පසුව මේ දක්වා ඔහු මාධ්‍යයෙන් ඈත්ව සිටියේය. එහෙත් දින දෙකකට පෙර අපි ඔහු හමුවූයෙමු. අවුරුදු එකහමාරකට පමණ පසුව මාධ්‍යයක් සමග පළමු සම්මුඛ සාකච්ඡාව සිදු කරන්නේ අප සමග බව වික්ටර් රත්නායක පැවැසුවේය.

සුවහසක් මල් පිපීලා තරු දහස් ගණන් නැගීලා

සොඳුරු රැයක තුරුළු වීලා විඳිමු ආදරේ

හදට හදක් එකතු වීලා නෙතට නෙතක් දැහැන් බැඳීලා

දෙතොලේ රස ගඟක් මැවීලා විඳිමු ආදරේ..

මේ වික්ටර් රත්නායකයන් ගයන අලුත් ගීයක්. ඉසුරු තිලකවර්ධනගේ පද රචනය හා දර්ශන වික්‍රමතුංගගේ සංගීතය සමගින් මුසුවූ මේ ගීය මේ වනවිටත් යූ ටියුබ් වෙත මුදාහැර ඇත.

“ මට උවමනා වුණේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අලුත් අය දිරිමත් කරන්න. ඒ නිසා තමයි තරුණ පිරිසකගේ ගී තනු සහ ගී පද රචනා කීපයක් තෝරාගෙන ගායනා කරන්න තීරණය කළේ. අනෙක ඉතින් නිර්මාණ නොකර නිසොල්මනේ බලා ඉන්න පුරුද්දකුත් මට නැහැනේ..මම පොරොන්දුවකුත් දුන්නනේ සුවවූ පසුව ගීපොද මල් වරුසාවක් තිළිණ කරනවා කියලා. පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ..” යැයි කියමින් වික්ටර් රත්නායක ප්‍රවීණ ශිල්පියා කතාබහ ආරම්භ කළේය.

බොහෝ ප්‍රවීණයන් අද නව නිර්මාණවලින් ඈත්ව සිටින්නේ ඒවා රසිකයන් වෙත ගෙන යන මාර්ග ඇහිරී ඇතැයි පවසමිනි. එසේ නම් වික්ටර් රත්නායකගේ මේ නිර්මාණවලට කුමක් සිදුවේදැයි ඇසූ විට ඔහු දුන් පිළිතුරයි මේ.

‘අපට ගුවන් විදුලිය රූපවාහිනිය බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට සමාජ මාධ්‍ය තියෙනවා. යූ ටියුබ් සහ ෆේස් බුක් තියෙනවා. ඒ හරහා තමයි රසිකයන් අතරට මේ ගීත ගෙනයන්න වෙන්නේ. පහුගිය කොවිඩ් කාලේ මම චිත්‍රපටයකත් සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ මම ලෙඩ වෙන්න කලින් භාරගත් චිත්‍රපටයක්. ’මොණරවිලක් ’ අධ්‍යක්ෂණය කරන්නේ රසික ලියනගේ. ගීත දෙකකුත් ගායනා කළා. ’

වික්ටර් රත්නායක සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ සැරිසරන්නට එතරම් කැමැත්තක් ඇති ශිල්පියෙක් නොවේ. ඔහු නමින් ෆේස් බුක් ගිණුමක් ආරම්භ වූයේද වසරකට එකහමාරකට පමණ පෙරය.

‘ඇත්තටම මම ෆේස්බුක් යන්නේ නැහැ. ඒත් පහුගිය දවස්වල මම ලෙඩ වෙලා ඉඳිද්දී බොහෝ දෙනෙක් ෆේස් බුක් එකෙන් මට ආශිර්වාද කරලා තිබුණා. හෂිනි මගේ බිරිඳ ඒ කමෙන්ට්ස් මට ඇහෙන්න කියවනවා. ඒවායෙන් මට ශක්තියක් වගේම උත්තේජනයකුත් ලැබුණා. මගේ ගීයක් එනතුරු මඟ බලා ඉන්න බව සමහරු කියා තිබුණා. ඒ නිසා තමයි අලුතින් නිර්මාණ කළේ. දර්ශන වික්‍රමතුංග සමග කළ ගීය අසනීපෙන් පසුව මුදා හැරිය පළමු ගීය. තවත් ගීත කීපයකම වැඩ ඉවර කරගෙන යනවා. ආධුනික ගායකයෙකුටත් සිංදු දෙකකට තනු නිර්මාණය කළා…’

වික්ටර් රත්නායකය නම කී පමණින් සිහිපත් වන්නේ ‘ස’ ප්‍රසංගයයි. ප්‍රසංග වාර දහස් ගණනකට පසුව තවත් ඉල්ලීම් තිබියදීත් ඉන් සමුගත් වික්ටර් රත්නායක පසුව ‘සරස’ නමින් දෙස් විදෙස් ප්‍රසංග මාළාවක් ආරම්භ කළේය. හදිසියේ අසනීපවූ නිසා ‘සරස’ද නැවතිනි.

‘චිත්‍රපටවල, ප්‍රසංග වේදිකාවේ සහ විද්‍යුත් මාධ්‍යවලින් මම ඉදිරියේදීත් ගීත ගයාවි. ඒත් ‘ස’, ‘සරස’ වගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නම් යළි කෙරෙන එකක් නැහැ. ඒක මහ බරසාර වැඩක්. ඇත්තටම අපේ හිමිකම් අපට නැතිවේගෙන යනවා. අපි ජනතාකරණයවූ ශිල්පීන්නේ. ඒ නිසා රසිකයාගේ කැමැත්තට අපි තැන දිය යුතුයි. වයස්ගත වුණා හෝ අසනීප වුණා කියලා නිහඬ වීම වැරදියි.‘

ඔබ තවම අසනීපෙන්දැයි ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වුණේ මෙයයි.

“ඇත්තටම දැන් මට අසනීපයක් නැහැ. අසනීප වුණ එකේ සුළු ආබාධ තියෙනවා. තවම ප්‍රතිකාර කරනවා. මට මුලින්ම ආවේ ස්ට්‍රෝක් එකක්නේ. ඒ නිසා අසීරුතා තියෙනවා. සෑහෙන දුරට සුවයක් තියෙනවා. මට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් වන ප්‍රියංකර ජයවර්ධන, එංගලන්තයේ ශර්මිලා විතාන, මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලි අමරසේන, හර්ෂ සමරසිංහ, අෆ්ලා සදිකීන් සහ දේශීය වෛද්‍ය තරංගා වික්‍රමසූරිය යන අය නිසා තමයි මම ගොඩ ආවේ.’

රෝගීව පසුවෙද්දීද ඔහුට විවිධාකාරයේ අවලාද සහ අපවාදයන්ට මුහුණ දෙන්නට සිදුවූ බව රහසක් නොවේ. මේ නිසා සිත් තැවුළකින් හෝ යම් කලකිරීමකින් පසුවන්නේද යන ප්‍රශ්නයටත් වික්ටර් රත්නායක පිළිතුරු දුන්නේය.

‘ඇත්තෙන්ම කලකිරීමක් නැහැ. සිදුවූ සියල්ල උපේක්ෂා සහගතව භාරගත යුතුයි. එදා ඉඳලා මම වැඩ කළේ එහෙමනේ. මේක විවේචන, විචාර හැම දේටම මුහුණ දෙමින් ආ ගමනක්නේ. ලාභ අලාභ, නින්දා අපහාස මේවා හොඳට පුරුදුයි. ඒ අවස්ථාවේදී හෂිනි මට ලොකු ශක්තියක් වුණා. මේ හැම දෙයක්ම කරන්න ධෛර්යය ලැබෙන්නේ ඇගෙන්. ඒ අතර මගේ යාළු හිතමිත්‍රාදීන් නිතර ඇවිත් සුවදුක් බලා යනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12