“මම අහිංසකයි” හොරාට ගෙන් වූ සැප රිය ගැන මුතුහෙට්ටිගම කතා කරයි (වීඩියෝ)

ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් ඊයේ සිය භාරයට ගත් හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ බව කියන තීරු බදු රහිතව මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී ජීප් රථය අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සුඛෝපබෝගී ජීප් රථය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා ද අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී සැකකරුට වාහනය සම්බන්ධයෙන් චෝදනා 07ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී චෝදනා දෙකක් සම්බන්ධව ඇප ලබාදීමට විරෝධය පළකරමින් පොලිසිය කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වසර ගණනාවක සිට මෙම රථය ධාවනයයේ පවතින බවත්, එක්වරම මෙම වාහනය සම්බන්ධයෙන් කටයුතු කිරීම කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

එහිදී කරුණු විමසා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මෙම නඩුව ලබන 14 වනදා දක්වා කල් තැබූ අතර, සැකකරු ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර,මෙම සිද්ධිය සම්බන්ධයෙ සිදුකළ විමසීමක දී හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කර සිටියේ මෙය තමන්ට අයත් වාහනයක් නොවන බවයි.

එමෙන්ම වාහන නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීම හෝ එකලස් කිරීම තම විසින් සිදුනොකළ බවත්, එලෙස සිදුකළ පුද්ගලයින් නිදැල්ලේ සිටින බවත්, තමා වැනි අසත්‍ය අහිංසකයෙකු මෙවැනි චෝදනාවකට හසුකළේ සෘජුවම දේශපාලන මඩ ගැසීමකට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

https://youtu.be/DGjjjDzweIQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31