මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ෂෙයික් හසීනාට එරෙහිව අධිචෝදනා ගොනු වෙයි

බංග්ලාදේශයේ ඇති වූ දේශපාලනික ව්‍යාකූලත්වයට හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරෙහිව නිල වශයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇති බවයි.

පසුගිය වසරේ සිසුන් සියය ගණනක් ඝාතනය කළ මහජන නැගිටීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනු කර ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) පිළිගැනීමෙන් පසුව මෙම තීරණය ගනු ලැබුවා.

විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මණ්ඩලයක්, ෂෙයික් හසීනා, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් සහ හිටපු පොලිස් ප්‍රධානී චෞද්‍රි අබ්දුල්ලා අල්-මාමුන්ට චෝදනා පහක් සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කළ බව වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ හසීනාගේ අවාමි ලීග් රජය පෙරළා දැමීමෙන් පසු අගෝස්තු 5 වන දින ෂෙයික් හසීනා ඉන්දියාවට පලා ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15