මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට

මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්සිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් මුක්කම්පන් කොවිකොඩිත්තාවිල් රක්ෂිතයේ පිහිටි කැලෑවක් පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටියදී මෙම වැටලීම සිදු කරන ලදි.

එහිදී රක්ෂිත භූමිය විශාල ප්‍රමාණයක් ඒ වන විටත් එලි පෙහෙලි කරමින් තිබී ඇති අතර අදාල භූමිය අනවසරයෙන් රහසිගතව එලිපෙහෙලි කරන බවට අනාවරනය වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් අදාල සැකකරු සමගින් පස්කපන යන්ත්‍රයද අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු සමගින් පස්කපන යන්ත්‍රය අඩම්පන් බීට්ටු අඩවි වන නිලධාරී කාර්යාලය වෙතට භාර දීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගන්නා ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09