මන්ද මානසික තරුණියට බාසුන්නැහේ අමුතු වැඩක් කරලා

31 හැවිරිදි වියේ පසුවන මන්ද මානසික කාන්තවක් දූෂණය කළ බව පැවැසෙන වඩුබාස් කෙනෙකු අත්අඩංගුවට ගත් කටුගස්තොට පොලිසිය එම පුද්ගලයා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (06 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව තම ඥාති සහෝදරයකු විසින් දූෂණය කළ බවට ඇය විසින් තම දෙමාපියන්ට පවසා ඇති අතර ඉන්පසු ඒ පිළිබඳව දෙමාපියන් විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිලි කර ඇත. පසුව මේ පිළිබඳව විමර්ශන කළ කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් එම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත දූෂණයට ලක්වූ බව පැවැසෙන කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට පමුණුවා වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර ඇත. එහිදි ඇයව දූෂණයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.

ඒ අවස්ථාවේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මන්දමානසික කාන්තාව පවසා ඇත්තේ මාස තුනකට පමණ පෙර තම නිවසේ සිට නැන්දාගේ නිවෙසට කෑම රැගෙන යමින් සිටියදී ඒ ආසන්නයේ ඉදිවන නිවෙසක වැඩකරන වඩුබාස් විසින් තමන්ව දූෂණය කළ බවය. ඒ පිළිබඳවද විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරින් විසින් ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවැසෙන සැකකාර වඩුබාස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමා වඩුවැඩ කරමින් සිටියදී ඔහු හමුවීමට පැමිණි ඇය සමග ඇයගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරුණු බවය.

කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පොන්නම්පෙරුම, උ.පො.ප. තිලකරත්න, පො.සැ සමරසිංහ (47115) ඇතුළු පිරිසක් විසින් පරික්ෂණ කටයුතු සිදුකරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09