AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීලාගේ කතා නොඅසා තරුණ තරුණියෝ ජංගම දුරකතනවල එල්ලිලා

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දුන් කායවර්ධන මධ්‍යස්ථානයක්  විවෘත කරන අවස්ථාවේදී බොහෝ තරුණ තරුණියන් උත්සවය අමතක කොට ජංගම දුරකතනයට අවධානය යොමු කිරීම පිළිබඳව එහි  ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයිනේ සෑම පළාතක ම කායවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත් කායවර්ධන මධ්‍යස්ථානය මාතලේ, නාඋල පොදු ක්‍රීඩාංගණයේදී පසුගිය දිනක ආරම්භ කෙරිණි.එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සුබ මොහොතින් කායවර්ධන මධ්‍යස්ථානය  තරුණ තරුණියන්ට භාර දීම සිදුකර පසුව ජාතික තරුණ සේවා සභාව, ප්‍රාදේශීය සභාව ආදී රාජ්‍ය ආයතනවල නියෝජිතයින් සමග ඉතා කෙටි රැස්වීමක් සූදානම් කරමින් තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ කායවර්ධනයේ වැදගත්කම පිළිබඳව කතා කරන්නට විය.

එම අවස්ථාවට එක්ව සිටි මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ තරුණ තරුණියන්  රැස්වීම සහ එහි අදහස් දැක්වූ නිලධාරීන්ගේ අවධානයට යොමු  නොකොට තම තමන්ගේ ජංගම දුරකතනවල අවධානය යොමු කරමින් සිටින අයුරු එහි සිටි බොහෝ දෙනා  මෙන්ම ආරාධිත අමුත්තා ලෙස පැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ද අවධානයට යොමු වී තිබිණි.තරුණ තරුණියන් අමතා අවවාද අනුශාසනා දුන් බොහෝ දෙනා ඔවුන්ගේ කතා  ඉතා කෙටියෙන් නවතා දැමුවේ ද එහි සිටි තරුණ තරුණියන්ගේ කිසිදු අවධානයක් ඒ සඳහා යොමු නොවීම නිසාවෙන් බව පෙනෙන්නට තිබිණි.පසුව සභාව ඇමැතූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන්ට ද කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවය. ඔවුන් දෙදෙනා හට ජංගම දුරකතන දෙකක් ලබාදුනහොත් ඕනෑ ම දෙයක් සිදුකළ හැකි බවය.එහෙත් මෙම සභාවේ සිටින තරුණ තරුණියන් බොහෝ දෙනාගේ අවධානය උත්සව සභාවට වඩා ජංගම දුරකතනය කෙරෙහි යොමු කළ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඕනෑ ම දෙයක් සීමාවක් ඇතිව කළ යුතු බවය.මෙම ස්ථානයේ ජංගම දුරකතන භාවිත කරමින් කිසිදු අවධානයක් රැස්වීම කෙරෙහි යොමු නොකරන බව ‍ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රිවරයා කියන අවස්ථාව වන විටත් එහි සිටි තරුණ තරුණියෝ ජංගම දුරකතනයට අවධානය යොමු කරමින් සිටි බව අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?