මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් මිලියන 500ක් ඉල්ලා ඇමති වසන්තගෙන් එන්තරවාසියක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාර එරෙහිව මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් හාර කෝටි අසූ පන් ලක්ෂයකට අනුරාධපුරයෙන් නිවසක් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් වංචාවක් සිදු වී ඇති බව රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රකාශය විශාල වශයෙන් සමාජය තුළ සංසරණය වන්නට ඉඩ හැරීම හේතුවෙන් අමාත්‍යවරයාගේ සමාජ පිළිගැනීමට බරපතළ හානියක් සිදුව ඇති බවයි අදාළ එන්තරවාසිය යොමුකරමින් පවසා ඇත්තේ.

එම ප්‍රකාශය නිසා සිදු වූ අපහාසය හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වෙත එන්තරවාසිය ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 500ක් දින 14ක් ඇතුළතදී අමාත්‍යවරයා වෙත ගෙවන ලෙස දන්වා යවා තිබෙනවා.

එය ගෙවීමට අපොහොසත් වන්නේ නම්, නීති ප්‍රකාරව සුදුසු අධිකරණයක නඩු පවරා එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවයි අදාළ එන්තරවාසිය තුළින් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
11
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34