මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් මිලියන 500ක් ඉල්ලා ඇමති වසන්තගෙන් එන්තරවාසියක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාර එරෙහිව මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් හාර කෝටි අසූ පන් ලක්ෂයකට අනුරාධපුරයෙන් නිවසක් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් වංචාවක් සිදු වී ඇති බව රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රකාශය විශාල වශයෙන් සමාජය තුළ සංසරණය වන්නට ඉඩ හැරීම හේතුවෙන් අමාත්‍යවරයාගේ සමාජ පිළිගැනීමට බරපතළ හානියක් සිදුව ඇති බවයි අදාළ එන්තරවාසිය යොමුකරමින් පවසා ඇත්තේ.

එම ප්‍රකාශය නිසා සිදු වූ අපහාසය හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වෙත එන්තරවාසිය ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 500ක් දින 14ක් ඇතුළතදී අමාත්‍යවරයා වෙත ගෙවන ලෙස දන්වා යවා තිබෙනවා.

එය ගෙවීමට අපොහොසත් වන්නේ නම්, නීති ප්‍රකාරව සුදුසු අධිකරණයක නඩු පවරා එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවයි අදාළ එන්තරවාසිය තුළින් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
11
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?